පිළිගැන්වීම

පැවති සහ පවතින මෙන්ම ඉදිරියේ දී පවතින සමාජමය පුද්ගල සමූහය 
ප්‍රධාන ලෙස වර්ග දෙකක් ලෙස මා දකිමි. 
ඉන් එක් පිරිසක් සමාජයට හිතැති මෙන්ම සමාජයට වැඩැති 
සමාජමය උන්නතිය අපේක්ෂාකරන අය වේ. 
අන් පිරිස් එම අරුතෙහි නොයෙදෙන්නෝම වෙති. 
නමුත් ඔවුන් අතින් සමාජයට වන අවැඩ අභියෝග ලෙස දකිමින් 
සමාජමය හිතැති පිරිස වැඩ කරනු ද දක්නට ලැබේ.
අවැඩ කරන නිසා යහපත් සමාජයක් ගොඩනගන්නට සිදුවී ඇත. 
සමාජය සුරක්ෂිත කරගැනිමට ද සිදුවී ඇත. 
මෙම දෙපිරිසම එකම ජන සමාජයකම වේ.
මා සමාජගතවූ දින පටන් 
විදි නොයෙක් ගැටලු බාදක කම්කටොලු 
සියල්ල ලඟාකර දුන්,
එවන් විට මා ධෛර්යමත් කරමින් මට සහය වෙමින් මා පසුපස සිටිමින් 
සිතට දිරිය දෙමින් මිල මුදල් හිඟ වු විට ඒ අඩුව පුරවමින්,
අද මා පැමිණි සිටින තැනට ලඟා විමට අත දුන්,
යන මේ දෙපිරිසම 
මට ලබාදුන් ශක්තීය රටා දෙකකින් මා හට ලබා ගැනීමටත්,
ජන සමාජයක නොසැලි දෙපයින් නැගී සිටින්නට,
මගේ සිතට හොද ආත්ම ශක්තියක් ලබාගැනීමට 
පිටුවහලක් වූයේ මේ දෙපිරිසම වේ.

එබැවින්
මා ජීවත්වූ,
ජීවත්වන,
මේ ජන සමාජයේ
මෙම ජනතාවට
මෙම අඩවිය පිළිගන්වන්නේ
මාහට
සමාජ තක්සලාවෙන් බොහෝ දේ
උගන්වා පුරුදු පුහුණු කරවූ නිසාවෙනි.




No comments:

Post a Comment